Saturday, February 15, 2025

(English Lesson 01) ඉන්නවා, තියෙනවා

 පොකට් එකක් මේසය උඩ තියෙනවා.

ඒ ගෙදර ලොකු බල්ලෙක් ඉන්නවා

English වලදී යම් දෙයක් හෝ යම් කෙනෙකු යම් ස්ථානයක පවතීන බව කීමට ඉන්නවා- තියෙනවා පද දෙක සිංහල වලදී භාවීතා වේ.

  • සිංහල වලදී  සප්‍රාණික නම් ඉන්නවා යෙදේ.
  • සිංහල වලදී  අප්‍රාණික නම් තියෙනවා යෙදේ.
  • ඉන්නවා හා තියෙනවා යන පද දෙකේ පොදු අරුත ඇත යන්නය.
  • English වලදී ස්ථානගතව ඉන්නවා හා තියෙනවා කීමට is, am, are යෙදේ.
  • English වලදී අයිතිව ඉන්නවා හා තියෙනවා කීමට has, have යෙදේ.
  • English වලදී  is, am යන අරුත් 2ක් සදහා  යෙදේ. 
  • පළමු අරුත වෙනවා යන්නයි. (He is good - ඔහු හොද කෙනෙක්(ඔහු හොද කෙනෙක් වෙනවා))
  • දෙවන අරුත ඉන්නවා හා තියෙනවා යන්නයි.;
  • ඉන්නවා හා තියෙනවා අරුත දීමට there පදය සමග යෙදේ.
  • අවිනිෂ්චිත නම් there පදය is, am, are වලට පෙර යෙදේ. (there is, there are)
  • නිෂ්චිත නම් there පදය is, am, are වලට පසුවයෙදේ.(is there, are there)