 |
| ඊලොන් මස්ක් - විකිපීඩියා වෙන් |
Elon Reeve Musk යනු ඉංජිනේරුවෙක්, කාර්මික නිමැයුම්කරුවෙක්, තාක්ෂණික ව්‍යවසායකයෙක් හා මානව හිතවාදීයෙක් වේ. ඔහු දකුණු අප්‍රිකානු, කැනඩානු හා ඇමරිකානු පුරවැසියෙක් වේ. ඔහුගේ උපත 1971 ජූනි 28 දී සිදුවිය. ඉතා ප්‍රකට පුද්ගලයෙකු වන මොහු ලොව ප්‍රකට තාක්ෂණීක ආයතන කිහිපයක ප්‍රධානි තනතුර හොබවා ඇත. ඒවා අතරින්,
- SpaceX ආයතනයහි ප්‍රාරම්භකයා(Founder), ප්‍රධානි(SEO) හා ප්‍රධාන ඉංජිනේරුවරයා විය.
- Tesla ආයතනයහි මුල් අයෝජකයා, ප්‍රධානියා හා නිෂ්පාදන ගෘහ නිර්මාණ ශිල්පියා විය.
- The Boring Company හි ප්‍රාරම්භකයා විය
- Neuralink හි උප ප්‍රාරම්භකයා විය.
- OpenAI හි ප්‍රාරම්භකයා හා සමාරම්භක සහාකාර සභාපති විය.
මීට අමතරව ඔහු 2018 දී Fellow of the Royal Society (FRS) හි සමාජිකත්වයට තේරීපත් විය. 2016 දී ඔහුට Forbes සගරාවේ ලොව ප්‍රබලතම පුද්ගලයින් ගේ ලැයිස්තුවේ 21 වන ස්ථානය හිමි වූ අතර 2019 දී ඔහු එහි සම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි විය. ස්වොත්සහයෙන් දියුනු වූ බිලියනපතියකු ලෙස, 2020 ජූනි මස දී ඔහුගේ ඇස්තමේන්තු ගත වත්කම ඩොලර් බිලියන 42ක් වූ අතර 2020 දී නිකුත් කළ, Forbes සගරාවේ දී ලොව ධනවත්ම පුද්ගලයන් අතර 31 වන තැනට පත්විය. එමෙන්ම ඔහු ඕනෑම ස්වයංකිය නිෂ්පාදන කරුවන්ගේ ප්‍රධානියා(CEO) තනතුර වැඩිම කලක් දැරීය.
දකුණු අප්‍රිකාවේ ප්‍රේටෝරියා(Pretoria) හිදී කැනේධීයානු මවකට හා දකුණු අප්‍රිකානු පියෙකුට දාව උපත ලබන Musk. සැකෙවින්ම Pretoria සරසවියට වරම් ලබනවා. කැනඩාවට යාමට පෙර ඔහු වයස 17 දී Queen's සරසවියට ප්‍රවේශ වනවා. ඔහු Pennsylvania සරසවියට ප්‍රවේශ වී වසර 2කට පසු Wharton පාසලේදී ප්‍රථම උපාධිධාරියන් ගේ උපාධියක් ආර්ථික විද්‍යාවෙන් ලබා ගන්නා අතර කලා හා විද්‍යා විදුහලෙන් ප්‍රථම උපාධිධාරියන් ගේ උපාධියක් භෙෘතික විද්‍යාවෙන් ලබා ගන්නවා. 1995 දී ඔහු කැලිපෝනියා (California) වට යන අතර ස්ටැන්පර්ඩ් සරසවියෙන් Ph.D. එක applied physics හා material sciences විෂයන් වලින් හැදෑරීම ආරම්භ කරන්න හැදුව නමුත් ඔහු එහි ලියාපදිංචී වීම වෙනුවට ව්‍යාපාරික රැකියා පසු පස හබා ගියේය. පසුව ඔහු තම සහෝදරයා වු කිම්බල් සමග එක්ව වෙබ් මෘදුකාංග සමාගමක් වන Zip2 සමාගම ස්ථාපිත කරන ලදී. එය 1999 දී Compaq ආයතනය විසින් ඩොලර් මිලියන 340කට පවරාගන්නා ලදී. අනතුරුව ඔහු X.com, නම් ජාලගත බැංකුවක් නිර්මාණය කරන අතර එය 2000දී Confinity සමාගම සමග ඒකාබද්ධ කරන අතර එය පසු කලක PayPal ක්‍රමවේදය දියත් කරනවා. මෙය පසුව ඩොලර් බිලියන 1.5කට eBay සමාගම විසින් මිලදී ගන්නවා.
2002 මැයි මසදී ඔහු SpaceX ආයතනය ස්ථාපනය කරනවා. එය අභ්‍යවකාශ නිෂ්පාදකයෙක් හා අජටාකාශ ප්‍රවාහන සේවා ආයතනයක් වේ. ඔහු Tesla Motors, Inc(වර්තමනයේදී එය Tesla, Inc ) සම්බන්ධ වන අතර එය ස්වයංකීය වාහන නිෂ්පාදන කරන ආයතනයකි. 2004 දී ඔහු එහි ප්‍රධානියා හා නිෂ්පාදන ගෘහ නිර්මාණ ශිල්පියා වන්නට හැකි විය. 2006 දී ඔහු සූර්යය බල ශක්ති සේවා ආයතනයක් වන SolarCity ආයතන ගොඩනැගීමට උපකාරී විය(වර්තමානයේ දී Tesla ආයතනයේ උප ආයතනකි). 2015දී OpenAI හී සම ප්‍රතිස්ථාපිතයකු විය. එය ආදායම් නොලබන පර්යේෂන ආයතනයක් වන අතර එහි අරමුණ වූයේ මිත්‍රශීලී කෘතීම බුද්ධි දීයුණු කරවීමයි. ඉන්පසු ඔහු සම ප්‍රතිස්ථාපිතයකු ලෙස Neuralink ආයතනය බිහි කළේය. මෙය මොළ හා සම්බන්ධ පර්යේෂන කරන neurotechnology ආයතනයකි. මෙහි අරමුණ වන්නෙ මොළ පරිගණක අතුරුමුහුණතක්( brain–computer interfaces) නිර්මාණය කිරීමයි.
2016 දෙසැම්බරයේදී ඔහු The Boring Company ස්ථාපනය කරන අතර එයින් යටිතල ව්‍යුහ හා උමං ගොඩනැගීමේ ආයතනයකී. එහි අරමුණ වන්නේ උමං එලදායි ලෙස විද්‍යුත් වාහන සදහා යොදා ගැනීමයි.
ඔහුගේ ප්‍රථමික ව්‍යාපාර ගමනට අමතරව මස්ක හට Hyperloop නමින් අධිවේගී ප්‍රවාහනය පද්ධතියක් පිළිබද අදහසක් පවතී. මාස්ක් කියන විදිහට SpaceX, Tesla, හා SolarCity ආයතන වල අරමුණු ඔහුගේ දැක්ම වන ලොව වෙනස් කිරීම හා මනුෂ්‍යත්වයට උදව් වීම යන්න වටා පරිභ්‍රමණය(කරකැවෙන) බවයි. ඔහුගේ අරමුණු අතර ගෝලීය උණුසුම් අඩුකිරීමෙන් අඛන්ඩ බල ශක්ති නිශ්පාදනය / පාරීභෝජනය හා අගහරු මත මිනිස් කොලනි පිහිටුවා මිනිස් ගහනය අඩුවීමේ අවදානම අඩුකිරීම යන ඒවා අඩංගු වේ.
ඉතින් ඔබ ඔහු ගැන මෙකක්ද හිතන්නේ ඔබේ අදහක් පහළ කමෙන්ට් කරන්න.