ඉංග්‍රිසි ඉගෙන ගන්න ගොඩක් අය ගොඩක් දේවල් කරනවා. ඉතින් මං හිතුවා මෙම ලිපියෙන් හිතුවා English ඉගෙන ගන්න ඔයලට උපදෙස් කිහිපයක් ලබාදෙන්න.
- සිද්ධවෙන වැරදී ගැන බිය නොවන්න. විශ්වාසය තබන්න. මිනිසුන් ඔබව හරිගැස්විය හැක්කේ ඔවුන් ඔබට සවන්දීමට සැලැස්වීමෙන්.
- English වලින් වට පිටාව හදාගන්න. ඔබට බාධවක් නැතිව English කතා කරන්න පුලුවන් තැනක් ඔබ හදාගන්න.
- දිනපතා පුහුණු කරන්න. ඔබේම අධ්‍යයන සැලසුමක් හදාගන්න.
- ඔබේ පුහුණු සැලැස්ම පවුලේ අයට කියන්න. ඔවුන්ගේ උපකාරය ලබාගන්න. එමගින් ඔවුන්ගෙන් වන බාධා අවම කළහැක.
- ලිවීම, කියවීම, සවන්දීම හා කථනය යන මූලික නිපුණතා සතර පුහුණු කරන්න.
- අලුත් වචන මතක තබා ගන්න සටහන් පොතක් ලග තබා ගන්න. ඒවා වාක්‍ය වලට දමන්න. අඩුම තරමින් 3වරක් වත් ඔබේ කථනයට එක්කර ගන්න.
- Online free English course එකක් කරන්න. දවසකට එක් වතාවක් වත් ඒවාට සහභාගි වෙන්න.
- මතකය නිතරම පරික්ෂා කරන්න.
- වචනය පාඩම් කරනවා වෙනුවට සරල උදාහරණ වාක්‍යයක් මතක තබා ගැනීම මතක තබා ගැනීම පහසු කරවයි.
- body clock එක පාවිච්චී කරන්න. ඔබට උදේ අධ්‍යනය කරන්න බැරී නම් රාත්‍රිය යොදාගන්න.
- ඉංග්‍රිසී ළමා පොත් හි සරල වාක්‍යය ඇති නිසා ඒවා කියවන්න(ආධුනිකයෙක් නම්).
No comments:
Post a Comment